ඉදිරි දිනවල සවස් කාලයේදී ප්‍රභල අකුණු සමඟ ගිඟුරුම් සහිත වැසි
- 11 04 2020
- 20:02
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ප්‍රභල අකුණු සමග ගිඟුරුම් සහිත වැසි ඇතිවිමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ගිඟුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු මඟින් හා තාවකාලික තද සුළං මඟින් සිදුව අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිවයිනේ බොහේ ප්‍ර දේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගඟුරුම් සහිත වැසි ඇතිවන බවත් අම්පාර හා මඩකලපු දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදී වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
බස්නාහිර, සබරගමුව හා දකුණු පළාත්වලත් නුවර එළිය හා බදුල්ල දිස්ත්රික්කවල් ඇතැම් ස්ථාන වලට මිලි මීටර් 75ක පමණ තරමක තද වර්ෂාපතනයක් ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
